පරිගණක පරිශීලකයන් හා පිරිවිතර හඳුනාගැනීම - 1

Adeesha
Written by Adeesha on
පරිගණක පරිශීලකයන් හා පිරිවිතර හඳුනාගැනීම - 1

මේක තමයි නවය ශ්‍රේණියේ පළවෙනි පාඩම. මේ පාඩමේ දි කරන්නෙ පරිගණක පාවිච්චි කරන්නෙ කවුද (පරිශීලකයන්), පරිගණක වර්ග මොනවද, පාවිච්චිය අනුව පරිගණක වර්ග මොනවද, ඒ වගේම පරිගණකයක කොටස් මොනවද, පරිගණකයක් ගන්නකොට අපි බලන්න ඕනි මොනවද වගේ කරුණු ටිකක්. මේ දේවල් අපිට එදිනෙදා ජීවිතයේ දි හරි වැදගත් වෙනව.

පරිශීලකයන්

පරිගණකයක් පාවිච්චි කරන අයට තමයි පරිශීලකයන් කියල කියන්නෙ. පරිගණකයක් කියන්නෙ විවිධ වැඩ ගොඩක් කරගන්න පුළුවන් උපකරණයකට. පරිගණකයක් අපිට අවශ්‍ය වැඩේට අනුව වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් මේ වෙනස්කම් අනුව පරිගණකයේ මිල එහෙමත් ලොකුවට වෙනස් වෙනව.

අපි උඩ කිවුව විදිහට විවිධ අවශ්‍යතා වලට පරිගණක පාවිච්චි කරන අය ඉන්නව. ඒ අතර

Developer - සොෆ්ට්වෙයා, ගේම්, වෙබ් අඩවි වගේ දේවල් නිර්මාණය කරන, සංවර්ධනය කරන අය වගේ අය තමයි මේ. මෙයාලගේ අවශ්‍යතා ටිකක් වැඩියි. ඒ නිසා මෙයාලට ටිකක් බලසම්පන්න පරිගණක අවශ්‍ය වෙනව.

Programmer - විවිධ පරිගණක වැඩසටහන් නිර්මාණය කරන අය. හැබැයි මෙයාල වැඩිපුරම කරන්නෙ කෝඩ් ලියන එක සහ ඒ කෝඩ් පරීක්ෂා කරන එක.

Graphic Designer - පරිගණකයෙන් චිත්‍ර ආදිය නිර්මාණය කරන, ජායාරුප ආදිය සකසන අය මේ ගොඩට වැටෙනව.

Animators - ත්‍රිමාන සජීවීකරණ එහෙම හදන අය තමයි මේ.

Content Creator - වීඩියෝ හදන අය, ඇනිමේෂන් හදන අය එහෙම මේ වර්ගයට අයිතියි.

Gamer - මේ ඉතින් ගේම් ගහන අය.

Researcher - විවිධ පර්යේෂණ වලට ඕනි කරන දත්ත විශ්ලේෂණය කරන්න එහෙම මෙයාලට පරිගණක ඕනි වෙනව. සාමාන්‍යයෙන් ලෝකයේ බලවත්ම පරිගණක වැඩිපුරම පාවිච්චි කරන්නෙ මෙයාල තමයි.

System Administrators - පරිගණක ජාල, ඩේටාබේස්, සර්වර් එහෙම නඩත්තු කරන අය.

End User - මේ ඉතින් සාමාන්‍ය එදිනෙදා වැඩ වලට, ඔෆිස් වැඩ වලට, අධ්‍යාපන කටයුතු වලට එහෙම පරිගණක පාවිච්චි කරන අය.

වගේ ගොඩක් අය ඉන්නව. උඩ සඳහන් කරේ මොහොම සුළු පිරිසක් විතරයි. මීට අමතරව හැකර්ල, පරිගණක ආරක්ෂාව ගැන බලන අය, Coin Miners ල (අර බිට්කොයින් එහෙම හොයන්නේ එයාල තමයි) වගේ අයත් ඉනව.

ඉතින් අපි පරිගණකයක් ගන්නකොට මුලින්ම බලන්න ඕනි දේ තමයි අපි ඇයි පරිගණකයක් ගන්නෙ කියන එක. පරිගණකයක් කියන්නෙ ටිකක් මිල අධික උපකරණයක්. ඉතින් අපේ අවශ්යතාව්වය අනුව ගැලපෙන එකක් ගත්තෙ නැත්තං සල්ලි අපරාදෙ. අසාවට ලොකු පරිගණකයක් අරගෙන එකෙන් ගන්න උපරිම ප්‍රයෝජන ගන්නෙ නැත්තං ඒක ලොකු අපරාධයක්.

පරිගණක වර්ග

අපි දැන් බලමු ප්‍රධාන පරිගණක වර්ග මොනවද කියල. (ඔවු ඔවු ඔය හැම තැනකම පරිගණක ගැන කියද්දී කියන ටිකම තමයි. නොකිවුවොත් අවුල් වගේ නේ)

Super Computers - ඉතාම බලවත් processing power එකක් තියන පරිගණක තමයි මේ ගොඩට වැටෙන්නෙ. මේ පරිගණක පාවිච්චි කරන්නෙ විවිධ පර්යේෂණ වැඩ වලට. එවුව ඉතින් අපිට තේරෙන්නෙ නෑ. අභ්‍යවකාශ විද්‍යාවේ එක එක දත්ත විශ්ලේෂණය කරන්න, අලුත් බෙහෙත් හොයන්න, කාලගුණ අනාවැකි කියන්න (ලංකාවේ වගේ නෙවෙයි) එහෙමත් පාවිච්චි කරනව.

fujitsu

Fujitsu සමාගමේ Fugaku කියන සුපිරි පරිගණකය. 2021 ජුනි මාසය වෙනකොට ලෝකයේ තියන බලවත්ම සුපිරි පරිගණකය. මේකට මෙහාවොට් 28ක කරන්ට් එකක් දෙන්න ඕනි වැඩ කරන්න.

Servers - පරිශීලකයන් ගණනාවකට අවශ්‍ය සේවාවන් දෙන්න පුළුවන් ජාතියේ පරිගණක තමයි මේ. මෙවුව ඉතින් එක එක ගණන් වලට තියනව. සේවා සපයන්න අවශ්‍ය වෙන පරිශීලකයන් ගණන, සේවාවේ ස්වභාවය අනුව සර්වර් පරිගණක වල specifications වෙනස් වෙනව. Web servers, Virtualization servers, Storage servers වගේ විවිධ අවශ්‍යතා වලට මේ සර්වර් පරිගණක පාවිච්චි කරන්න පුළුවන්.

server

Server පරිගණකයක්

Desktop Computers - ස්ථිරව යම් තැනක තියල වැඩ ගන්න, උඩ කියපු වර්ග දෙකට අයත් නොවෙන පරිගණක තමයි මේ. මේ ගැන ටිකක් විස්තරාත්මකව පහලින් කථා කරමු.

Portable Computers - පහසුවෙන් එහා මෙහා ගෙනියන්න පුළුවන්, බාහිර බල සැපයුමක් එහෙම නැතුව යම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් පරිගණක. ගොඩක් වෙලාවට මේ පරිගණක පාවිච්චි කරද්දී පිළිවෙලකට තැනක තියාගන පාවිච්චි කරනව.

Mobile Computers - පහසුවෙන් එහා මෙහා ගෙනියන්න පුලුවන් වගේම එහෙම ගෙනියන ගමන් පවා ලේසියෙන්ම පාවිච්චි කරන්නත් පුළුවන් පරිගණක වර්ග තමයි මේ.

පරිගණක වර්ග ගැන කෙටියෙන් උඩ පැහැදිලි කිරීමක් කරා. ඒ අතරින් බහුලව පාවිච්චි කරන පරිගණක වර්ග ගැන ටිකක් වැඩිපුර විස්තර පහලින් කථා කරමු.

Desktop Computers

Workstations - ටිකක් බරපතල වැඩ කරන්න පුළුවන්. වේගවත් ප්‍රොසෙසර් එකක්, වේගවත් වගේම ලොකු රැම් එකක්, වේගවත් හාඩ් ඩ්‍රයිව් වගේම විශේෂිත ග්‍රැෆික් කාඩ් එහෙම භාවිතා වෙනව මේ පරිගණක වල.

Gaming - ගේම් ගහන එකත් ලේසි නෑ. අලුත්ම ගේම් ගහන්න නං බොහොම වේගවත් පරිගණකයක් තියෙන්න ඕනි. විශ්ෂයෙන්ම ගේම් සඳහාම නිර්මාණය කරන ග්‍රැෆික් කාඩ් භාවිතා කරන්න ඕනි. වේගවත් රැම් පාවිච්චි කරන්න ඕනි. විශේෂ කීබෝඩ් මවුස් එහෙමත් ඕනි.

Desktop - මේ ඉතිං සාමාන්‍ය පරිගණක තමයි. ඔෆිස් වැඩ වලට, ඉගනීම් වැඩ වලට එහෙම පාවිච්චි කරන්න ගැලපෙනව.

All in One - සාමාන්‍යයෙන් desktop පරිගණකයක system unit එකයි monitor එකයි වෙනම තියෙන්නෙ. ඒත් මේ වර්ගයේ දි ඒ කොටස් දෙකම එක කොටසක් හැටියට නිර්මාණය කරලා තියනව. මේ නිසා පරිගණකය අඩු ඉඩක් සහිත තැන වලට ගැලපෙනව. හැබැයි අලුත්වැඩියා කරන්න වගේම upgrade කරන්නත් සෑහෙන්න කරදරයි මේ ජාතියේ.

Mini PC - ඩෙස්ක්ටොප් කියල කියන්න බැරි උනාට වෙනම කීබෝඩ්, මවුස්, ඩිස්ප්ලේ එහෙම සම්බන්ධ කරලා පාවිච්චි කරන්න අවශ්‍ය, ඉතා කුඩා පරිගණක තමයි මේ. Raspberry pi, Intel Nuc වගේ පරිගණක මේ යටතට වැටෙනව. බොහොම කුඩා Stick PC එහෙමත් මේ යටතට වැටෙනව.

Raspberry

Raspberry pi පරිගණක

Portable Computers

Mobile Workstations - ලොකු බර වැඩ කරන්න පුළුවන් ටිකක් ලොකු ලැප්ටොප් ජාතියක් තමයි මේ. ගොඩක් වෙලාවට හොඳ ඩෙස්ක්ටොප් එකක් කිට්ටුවටම වේගවත් බවක් තියනව. Desktop Replacement හැටියට පාවිච්චි කරන්නත් පුළුවන්. වීඩියෝ එඩිට් කරන අය, ත්‍රිමාන ග්‍රැෆික් ආශ්‍රිත වැඩ කරන අයට ගැලපෙනව. තිරයේ වර්ණ වල නිවැරදි බව එහෙම ඉතාම ඉහලයි.

Gaming - වර්ක්ස්ටේෂන් වලම ගේම් ගහන්න හදපු ජාතිය තමයි මේ. ඉහල ෆ්‍රේම් රේට් එකක් සහිතව ගේම් ගහන්න පුළුවන් විදිහට ග්‍රැෆික් කාඩ්, ඩිස්ප්ලේ එහෙම දාල තමයි හදල තියෙන්නෙ. මේ කියපු ජාති දෙකම ටිකක් ලොකු, බරින් වැඩි ලැප්ටොප්. නිතර එහෙ මෙහෙ ගෙනියන්න නං එච්චර ගැළපෙන්නෙ නෑ.

Business - තුනී, බරින් අඩු වගේම හොඳ performance තියන ලැප්ටොප් කාණ්ඩයක්. උඩ කියපු ජාති තරම් performance නැති උනත් හොඳ වේගයක් එහෙම තියනව. ගානත් ටිකක් වැඩියි.

Notebooks - සාමාන්‍ය භාවිතයට තියන ලැප්ටොප් තමයි මේ. සාමාන්‍ය කාර්යාලීය වැඩ, ඉගනගන්න වැඩ වගේම මුලික programming වැඩ වලට එහෙම ගැලපෙනව. පොඩි පොඩි upgrade ටිකක් කරොත් Business ලැප්ටොප් ගානටම performance වැඩි කරගන්න පුළුවන්.

2 in 1 - ටැබ් එකක් වගේම ලැප්ටොප් එක වගෙත් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියන ලැප්ටොප්. ටච් ස්ක්‍රීන් එකක්, සම්පුර්ණයෙන්ම අනිත් පැත්තට නවන්න පුළුවන් කීබෝඩ් එකක් එහෙමත් නැත්තං ගලවල අයින් කරන්න පුළුවන් කීබෝඩ් එකක් මේ ලැප්ටොප් වල තියනව. Business ලැප්ටොප් වලට Notebook ලැප්ටොප් වලට සමාන performance තියනව.

Rugged - වතුරට, බිම වැටීම් වලට, අධික උෂ්ණත්ව වලට, දුවිලි වලට එහෙම ඔරොත්තු දෙන විදිහට හදපු ලැප්ටොප් තමයි මේ. ටිකක් ගණන් වැඩියි. හැබැයි ඉතා ඉහල performance නං නෑ. බරින්, ගණකමින් සෑහෙන්න වැඩියි. හැබැයි ඉතින් බිම වැටිල, වතුර ගිහිල්ල කැඩෙයි කියන බය නං නෑ.

Rugged

Dell Rugged Laptop එකක්

Mobile Computers

මේ වර්ගය නං පරිගණක කියල ගොඩ දෙනෙක් හිතන්නෙ නෑ. හැබැයි මෙවුවත් පරිගණක විශේෂ තමයි.

Tablet - ස්මාට් ෆෝන් එකක ලක්ෂණ තියන ඒත් ප්‍රමාණයෙන් විශාල ඩිස්ප්ලේ එකක් තියන පරිගණක.

Smartphone - අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ මෙවුව ගැන.

Smart watch - මෑතක පාවිච්චියට ආපු මේ ඔරලෝසු සෞඛ්‍ය දත්ත ලබාගන්න සහ ඒ දත්ත පෙන්නන්න, ෆෝන් එක එක්ක සම්බන්ධ වෙලා සමහර වැඩ කරගන්න එහෙම හැකියාව තියන කුඩා පරිගණක විශේෂයක් තමයි.

Next » Peripherals

Image Credits

Cover Photo

Super Computer - Anandtech- https://www.anandtech.com/

Server - Supermicro https://www.supermicro.com/

Raspberry pi - https://www.raspberrypi.org/

Rugged Laptop - Dell - https://www.dell.com/

Adeesha

Adeesha

Comments

comments powered by Disqus