Router

Adeesha
Written by Adeesha on
Router

නෙට්වර්ක් ගැන කතා කරනකොට මුලින්ම නෙට්වර්කින් වලදී අපිට හම්බවෙන වැදගත් උපාංග ගැන, සන්නිවේදන මාධ්‍ය ගැන එහෙම දල අවබෝධයක් තියෙන එක ප්‍රයෝජනවත්.

නෙට්වර්කින් වලදී බහුලවම දකින්න තියන උපාංග ගැන ටිකක් විස්තර බලමු.

රවුටරය - Router

නෙට්වර්කින් වලදී භාවිතා වෙන වැදගත්ම උපාංග වලින් එකක් තමයි රවුටරය කියන්නෙ. රවුටරයකින් කරන ප්‍රධානම වැඩේ තමයි නෙට්වර්ක් එකක සීමාව තීරණය කරන එක. මේ වැඩේ කරන රවුටර් වලට කියනව Edge Routers කියල. එතකොට මේ සීමා තීරණය කරන වැඩේ නැතුව වෙන වැඩත් කරන රවුටර් වර්ග තියද? ඔවු තියනව. විශේෂයෙන් ම විශාල නෙට්වර්ක් එකිනෙක සම්බන්ධ කරනකොට ඒ නෙට්වර්ක් වලින් එන ලොකු ට්‍රැෆික් පාලනය කරන ගමන් ඒ ඒ නෙට්වර්ක් අතර හුවමාරු කරන්න පාවිච්චි කරන රවුටර් ජාතියට කියනව Core Routers කියල. මීට අමතරව වර්චුවල් එන්වයරන්මන්ට් වලදි පාවිච්චි කරන්න පුළුවන් විදිහෙ සොෆ්ට්වෙයා රවුටර් තියනව. එවුවට කියන්නෙ Virtual Routers කියල. මේ වර්චුවල් රවුටර් එකකට පුළුවන් අපේ පරිගණකයට, සර්වර් එකට රවුටරයක හැකියාවන් ලබාදෙන්න.

LAN

රවුටරයක් විසින් LAN ජාලයක් අන්තර්ජාලයට සම්බන්ධ කරන අකාරය

අපිට පොඩි පොඩි වැඩ වලට පරිගණක කිහිපයක් සම්බන්ධ කරගන්න ඕනි නං ස්විච් එකක් හරි හබ් එකක් හරි පාවිච්චි කරල ඒ වැඩේ කරගන්න පුළුවන්. එතනත් පොඩි නෙට්වර්ක් එකක් තමයි හැදෙන්නෙ. හැබැයි මේ නෙට්වර්ක් එක වෙන නෙට්වර්ක් එකක් එක්ක සම්බන්ධ කරන්න ඕනි නං (ඉන්ටනෙට් වලට වගේ) අපිට රවුටරයක් ඕනි වෙනව.

රවුටරයක ප්‍රධාන කාර්යයන්

Packet Forwarding රවුටරය වෙත එනු ලබන දත්ත පැකට් රවුටරයේ තියන routing table එක අනුව එහි ගමනාන්තය වෙත වඩාත් උචිත මාර්ගයක යවන එක. මේ වැඩේට අවශ්‍ය වෙන routing table පවත්වාගෙන යන එකත් රවුටරේක ප්‍රධාන කාර්යයක්.

Packet switching අපි දන්නව නේ නෙට්වර්ක් එකක දත්ත යන්නෙ පැකට් හැටියට කියල. මෙතනදී වෙන්නෙ එහෙම හුවමාරු වෙන පැකට් ඒ පැකට් වල ගමනාන්තය වෙත යන්න අවශ්‍ය වෙන මාර්ගයන් ඔස්සේ යවන එක. මෙතනදී පැකට් එකෙන් පැකට් එක මේ විදිහට විවිධ මාර්ග ඔස්සේ අදාළ ගමනාන්තයට යවන එක සිද්ධ කරනව.

Packet filtering දත්ත පැකට් පෙරා හැරීම. මෙය එක විදිහක ෆයර්වෝල් එකක වැඩේට සමාන වැඩක්. මෙතනදි රවුටරය දත්ත පැකට්වල IP ලිපිනය, එය අයිති සබ්නෙට් එක, එය පැමිණෙන හෝ යන පෝර්ට් ඒක සහ ප්‍රොටොකෝලය යන කරුණු සලකල දත්ත පැකට් ෆිල්ටර් කරන එක සිද්ධ කරනව.

මේ වැඩ වලට අමතරව රවුටරයකට පුළුවන් DHCP සර්වර් එකක් හැටියට වැඩ කරන්නත්. ඒ වගේම VPN කනෙක්ෂන් හදන්නත්. (මේ වැඩේ නං හැම එකකටම බෑ)

Cisco සමාගම විසින් නිෂ්පාදනය කරන රවුටර් වර්ග කිහිපයක්

home
edge
Aggrigation


උඩ කියපු රවුටර් වලට අමතරව තව රවුටර් වර්ග දෙකක් අපිට සාමාන්‍ය පාවිච්චියේ දි දකින්න පුළුවන්.

Wireless Router

වයර්ඩ් නෙට්වර්ක් එකක් වයර්ලස් නෙට්වර්ක් එකක් බවට හරවන්න නං මේ ජාතියේ රවුටර් එකක් ඕනි. විවිධ මිල පරාස වලින් මේ රවුටර් ගන්න තියනව.

LAN

Ubnt සමාගමේ වයර්ලස් රවුටර් එකක්

Broadband/ADSL Router

බහුලවම ගෙවල් වල පාවිච්චි වෙන්නෙ මේ ජාතියේ රවුටර් තමයි. ටෙලිෆෝන් ලයින් එකෙන් හරි සිම් එකක් දාල හරි ඉන්ටනෙට් යන්න පහසුකම ලබාගන්න මේ හරහා පුළුවන්. මිල නං හරි අඩුයි. මෙවුවත් අයිතිවෙන්නෙ Edge Routers කියන ගොඩට තමයි.

LAN

Huawei සමාගමේ home broadband රවුටරයක්

Reference

Router - Cisco

Image Credits

Cover Image

Routers

Wi-Fi Router

Broadband Router

Adeesha

Adeesha

Comments

comments powered by Disqus