ජාලකරණය - 1

Adeesha
Written by Adeesha on
ජාලකරණය - 1

පරිගණක ජාලයක් කියන්නෙ මොකක්ද?

එනිකෙනට සම්බන්ධවෙලා එකිනෙකා අතර සන්නිවේදනය කරන පරිගණක, IoT උපාංග සහ එම සන්නිවේදන ක්‍රියාවලිය සිදුකරන්න උපකාර වෙන උපාංග වලට තමයි පරිගණක ජාලයක් කියල කියන්නෙ. පරිගණක කිවුවහම පුද්ගලික පරිගණක, සර්වර්, ෆෝන්, ටැබ්ලට් එහෙම අයිති වෙනව. IoT කිවුවහම කැමරා, සංවේදක, ටීවී, ෆ්‍රිජ් (මේ හැකියාව තියන එවුව විතරයි. ස්මාට් එවුව ගැන මේ කියන්නෙ) වගේ ජාති ගොඩක් අයත් වෙනව. සන්නිවේදන ක්‍රියාවලිය සිදුකරන්න අවශ්‍ය උපාංග කිවුවහම රවුටර්, ස්විච්, ෆයර්වෝල්, මීඩියා කන්වර්ටර්, බේස් ස්ටේෂන් වගේ දේවල් රාශියක් අයත් වෙනව.

පරිගණක ජාල ගැන කතා කරනකොට ඒ පරිගණක ජාල ව්‍යාප්ත වෙලා තියන වපරිසය අනුව විවිධ නම් වලින් හඳුන්වනව. ලේසි වෙන්නත් එක්ක පොඩිම එකේ ඉඳල ලොකුම එකට යනකල් කෙටියෙන් පැහැදිලි කරන එක වටිනව.

PAN - Personal Area Network

තනි පුද්ගලයෙක් ගොඩනගාගන්න ජාලයකට තමයි මේ නම දෙන්නෙ. ස්මාට් ෆෝන් එක, වයර්ලස් හෙඩ්ෆෝන් එක, ස්මාට් ඔරලෝසුව එහෙම එකිනෙකට සම්බන්ධ උනහම මේ ජාතියේ නෙට්වර්ක් එකක් හැදෙනව.

LAN - Local Area Network

සාපේක්ෂව කුඩා ප්‍රදේශයක (නිවසක, ගොඩනැගිල්ලක වගේ) තියන පරිගණක සහ අනෙකුත් උපාංග සම්බන්ධ කරලා ගොඩනගපු ජාලයකට තමයි LAN එකක් කියන්නෙ. උඩ තියන PAN එක ජාලයක් කියල කිවුවට පරිගණක ජාලයක තියන ඔක්කොම ලක්ෂණ වගේ තියෙන පොඩිම ජාලය තමයි LAN එක.

LAN

CAN - Campus Area Network

මේකත් LAN එකක් ම තමයි හැබැයි මෙතන ගොඩනැගිලි කිහිපයක් සම්බන්ධ වෙනව. තරමක් ලොකු ප්‍රදේශයක විහිදිලා තියනව.

MAN - Metropolitan Area Network

තරමක් විශාල ප්‍රදේශයක විහිදිච්ච, LAN බොහෝ ගණනක් සම්බන්ධ වෙච්ච ජාලයකට තමයි MAN එකක් කියන්නෙ. නගරයක්, නගර කිහිපයක් තුල එකිනෙකට සම්බන්ධ වෙලා තියන ජාල සලකල බැලුවොත් ඒ සමස්ත ජාලයම MAN එකක් කියල කියන්න පුළුවන්.

WAN - Wide Area Network

එකිනෙකට වෙනස් භූගෝලීය ප්‍රදේශ කිහිපයක් පුරා තියන ජාල එකට සම්බන්ධ උනහම WAN එකක් හැදෙනව. යම් රටක්, ප්‍රාන්තයක් වගේම අපි දන්නා Internet එකත් WAN එකක් හැටියට සලකන්න පුළුවන්. සියලුම LAN MAN එකකට හරි WAN එකකට හරි සම්බන්ධ වෙන්න අවශ්‍ය නෑ. සම්පුර්ණයෙන් ස්වාධීනව ක්‍රියාකරන්න LAN එකකට පුළුවන්.

WAN

මීට අමතරව තව විවිධ වර්ගයේ ජාල ගැන විස්තර තියනව. අභ්‍යවකාශ ක්ෂේත්‍රය දියුණු වෙද්දී ග්‍රහලෝක අතර තොරතුරු හුවමාරු කරගන්න ලේසි වෙන අකාරයේ ජාලයක් ගොඩනගන්න දැනටමත් රටවල් සුදානම් වෙනව. DTN එහෙමත් නැත්තං Delay-tolerant networking කියන තාක්ෂනයන් එන්නෙ ඒ වැඩේ පහසු කරන්න.

Cover Photo

Adeesha

Adeesha

Comments

comments powered by Disqus