සංයුක්ත - වියුක්ත
සංයුක්ත වියුක්ත බෙදීම බොහෝ අවස්ථා වලදී අපිට මුණගැහෙන දෙයක්. ලංකාවේ නං මේ බෙදීම වැඩිපුරම ඉස්මතු කරේ අචාර්ය නලින් ද සිල්වා මහතා. දර්ශනයේ පවා මේ බෙදීම කොහොමද වෙන්නෙ කියන එක ගැටළුවක් හැටියට දකිනව. මේ ලිපියෙන් කරන්න හදන්නෙ දාර්ශනිකව සංයුක්තය සහ වියුක්තය විග්‍රහ කරනවට වඩා ප්‍රායෝගිකව සංයුත්කය සහ වියුක්තය ගැන අදහසක් දෙන එක.
වියුක්තය ගැන කියනවට වඩා හරිම පහසුයි සංයුක්තය ගැන පැහැදිලි කරන එක. එකට හේතුව තමයි සංයුක්තය අපේ ජීවිත වලට ඉතාම සමීප දෙයක් වීම. උදාහරණයක් හැටියට ඔබේ වත්තේ තියන පොල්ගහක් ගන්න. ඒ පොල්ගහ ඔබට ඔබේ ඉන්ද්‍රියන් ඇසුරින් අත්දකින්න පුළුවන්. ඔබට පොල් අතු, පොල් ගෙඩි, පොල් මල් ආදියත් අත් දකින පුළුවන්. ඔබට පුළුවන් ඔබේ ඉන්ද්‍රියන් ඇසුරින් ඒ දේවල් අඳුනගන්න. ඒ වගේම ඔබට පුළුවන් ඒ පොල් ගහ ගැන හිතන්න. ඔබට පුළුවන් ඔබේ වත්තේ තිබෙන පොල්ගසක් කිසිම අපහසුවකින් තොරව හිතින් මවාගන්න.
දැන් මම කියනව ඔබට “පොල්ගස” හිතින් මවාගන්න කියල. හරිම සරල දෙයක් වගේ නේද පේන්නෙ. හැබැයි “පොල්ගස” හිතින් මවාගන්න කිවුවහම අපි හැමෝම කරන්නෙ අපි ජීවිතේ කොහේදී හරි දැකපු පොල් ගසක් ඇසුරින් හරි පොල් ගස් කිහිපයක් ඇසුරින් හරි පොල් ගසක චිත්ත රුපයක් මවාගන්න එක. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අර මුලින් ඔබ හිතින් මවාගත්ත වත්තේ තියන පොල් ගස සහ එහෙම නිශ්චිත හැඳින්වීමක් නැතුව හිතින් මවාගන්න කියපු “පොල්ගස” කියන දෙක ගැන. දැන් පොඩ්ඩක් උත්සාහ කරල බලන්න අපි දන්න කියන කිසිම පොල් ගසක සම්බන්ධයක් නැතුව “පොල්ගස” හිතින් මවාගන්න. මෙන්න මේ වැඩේ කරන්න අමාරු දෙයක් නෙවෙයි කරන්න බැරි දෙයක්. අපි පුංචි කාලේ අහපු කථාවක් තමයි අන්ධයො පස්දෙනා අලියාගේ හැඩය කියපු කථාව සහ අන්ධයාට දීකිරිවල පාට කිව්ව කතාව. මෙන්න මේ කථා හොඳම උදාහරණ තමයි සංයුක්ත වියුක්ත වෙනස තේරුම් ගන්න. ඔය කතා දෙකේම අන්ධ මිනිස්සු අලි වත් දීකිරි වත් දැකල නෑ. කොටින්ම එයාලට අලි හෝ දීකිරි ගැන සංයුක්ත දැනුමක් නෑ. ඉතින් ඇස් තිබ්බ මිනිස්සු කරේ එයාල දන්නා විවිධ සංකල්ප ඇසුරින් අර අන්ධයන්ට අලියා ගැන සහ දීකිරි ගැන කියන්න උත්සාහ කරපු එක. හැබැයි ඒ එකක්වත් සාර්ථක උනේ නෑ. කොටින්ම අලියා කියන වියුක්ත සංකල්පය හෝ දීකිරි කියන වියුක්ත සංකල්පය අන්ධයාට තේරුම්ගත හැකි සංයුක්ත සංකල්ප (අන්ධයාට අල්ලා තේරුම් ගත හැකි වංගෙඩි, තාප්ප, කොසු, කොකා/නැවූ අත වැනි) ඇසුරින් පවා තේරුම් කරල දෙන්න බෑ කියන එක මේ කතා වලින් පේනව.
දැන් අපි බලමු අපිට හුරුපුරුදු වියුක්ත සංකල්ප දෙක තුනක්. සරල රේඛාව, ලක්‍ෂය කියන්නෙ අපි නිතරම භාවිතා කරන ගණිතමය සංකල්ප දෙකක්. මොකක්ද සරල රේඛාවක් කියන්නෙ කියල ඇහුවොත් අපිට දෙන්න තියන උත්තරේ තමයි නිශ්චිත දිගක් විතරක් තියන පළලක් හෝ ගැඹුරක් නැති යමක් කියන එක. මෙන්න මේ වගේ “යමකට” දෙන නම තමයි සරල රේඛාව කියන්නෙ. හැබැයි නිකමට හිතන්න අපිට එහෙම දිගක් විතරක් තියන යමක් ගැන හිතන්නවත් පුළුවන් ද කියල. අපිට දකින්න නං අඩුම මාන දෙකක් වත් තියෙන්න ඕනි. ඒ කියන්නෙ දිගක් හා පළලක්. අපි සරල රේඛාවක් කියපු ගමන් මතක් කරගන්නේ පැන්සලකින් හරි පෑනකින් හරි ඇඳපු ඉරක්. හැබැයි ඒ ඉරටත් පළලක් තියනව. ඒ කියන්නෙ ඒ ඉරත් සරල රේඛාවක් නෙවෙයි කියන එක. බුදුදහම පැත්තෙන් ගත්තොත් ඔය දෙකම සම්මුති. සරළ රේඛාවත්, පැන්සල් ඉරත් කියන දෙකම සම්මුති. ලක්‍ෂය කියන එකත් එහෙමයි. ලක්‍ෂයක් (සංඛ්‍යාව නෙවෙයි. සංඛ්‍යා කියන්නෙත් වියුක්ත සංකල්ප. බිංදුව කියන්නෙ දරුණුම වියුක්ත සංකල්පයක්) කියන්නෙ දිගක් හෝ පළලක් හෝ ගැඹුරක් නැති “දෙයක්”. අපි ලක්‍ෂය කියන වියුක්ත සංකල්පය ග්‍රහණය කරගන්නේ තිත කියන සංයුක්ත දැනුමෙන්. තිත කියන්නෙ ලක්‍ෂය වත් ලක්‍ෂය කියන්නෙ තිත වත් නෙවෙයි. හැබැයි අපි ලක්ෂ, සරල රේඛා ඇසුරින් වැඩ ගන්නව. කිසිම ගැටළුවක් නෑ. ඔය වගේ සංයුක්ත සංකල්ප ගොඩක් අපේ එදිනෙදා ජීවිතයේදී උනත් හම්බ වෙනව. හැබැයි ඒ දේවල් වියුක්ති කියල නොතේරෙන තරමට ඒ හා බැඳිච්ච සංයුක්ත සංකල්ප අපිට බද්ධ වෙලා තියනව. හැබැයි පැන්සල් ඉරක් ගැන වත් හිතන්නෙ නැතුව සරල රේඛාවක් ගැන හිතන්න කිවුවොත්, අන්න එතනදි අපි ලොකු ගැටලුවකට මුහුණ දෙනව.
දැන් ටිකක් නලින් ද සිල්වා පැත්තට හැරෙමු. එයා කියන ප්‍රසිද්ධ දෙයක් තමයි බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන එක. මේ ප්‍රකාශයට සෑහෙන්න විරෝධතා එල්ල වෙනව. ඒ වගේම ඒ ප්‍රකාශ අගය කරන අයත් ඉන්නව. අපි බලමු නලින් ද සිල්වා මොනවද මේ පට්ටපල් බොරු කියන්නෙ කියල. ඔහු බොරු කියල කියන්නෙ අපි අත්දකින සංයුක්ත සංකල්ප වලට. මේ බොරු කියන කතාවට පාදක වෙන්නෙ බුදුදහමේ එන සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියන බෙදීම. පරමාර්ථ සත්‍ය පැත්තෙන් ගත්තොත් අපේ සම්මුති ඔක්කොම බොරු හැටියට සලකන්න පුළුවන්. අන්න ඒ අර්ථයෙන් නලින් ද සිල්වා කියනව මේ සංයුක්ත සංකල්ප ඔක්කොම බොරු කියල. එතකොට මොනවද පට්ටපල් බොරු? පට්ටපල් බොරු කියන්නෙ අර වියුක්ත සංකල්ප. කොහොමද වියුක්ත සංකල්ප පට්ටපල් බොරු වෙන්නෙ කියන එක ඔහු පැහැදිලි කරනව. ඔහු අහනව අපිට ගෝචර වෙන දේවල් බොරු නං අපිට ගෝචර වෙනෙවත් නැති දේවල් (හිතින් හිතාගන්න වත් බැරි දේවල්) පට්ටපල් බොරු නෙවෙයිද කියල. දැන් වියුක්ත සංකල්ප පට්ටපල් බොරු උනාට බටහිර විද්‍යාව පට්ටපල් බොරු වෙන්නෙ කොහොමද කියන එක නේ ගැටලුව. මේක ටිකක් විවාදාත්මක දෙයක්. අපි විද්‍යාව කියල දකින දේට නලින් ද සිල්වා විද්‍යාව කියල කියන්නෙ නෑ. ඔහු බටහිර විද්‍යාව කියල කියන්නෙ අර වියුක්ත සංකල්ප ඇසුරින් කියන “කතන්දර” වලට. අපි නිරීක්ෂණය කරන සංසිද්ධි පැහැදිලි කරන්න වියුක්ත සංකල්ප සහ කතන්දර රාශියක් සහිත පද්ධතියට තමයි ඔහු බටහිර විද්‍යාව කියල කියන්නෙ. එතකොට ඔහුට අනුව අපි මේ දන්නා විද්‍යාව කියන්නෙ මොකක්ද කිවුවොත් අපි මේ දන්නා විද්‍යාව කියල කියන්නෙ අර වියුක්ත සංකල්ප සහ කතන්දර වල සංයුක්ත ප්‍රකාශන වලට සහ භාවිතාවන් වලට. සමහරවිට ඔහු හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. හැබැයි ඒ ගැන සොයා බැලීමෙන් අවැඩක් වෙන එකක් නං නෑ.
වියුක්තය ගැන කියනවට වඩා සංයුක්තය ගැන අදහසක් දීම හරහා සංයුක්තය සහ වියුක්තය වෙන් කරගන්න අවශ්‍ය දැනීම දෙන එක තමයි ලිපියේ අරමුණ උනේ. ඉතින් මේ ගැන ගැඹුරට හොයල බලන්න වටිනව. අන්න ඒ ආසාව ඇතිකරන එකත් මේ ලිපියේ අරමුණක්.
ජායාරුපය scinexx ඇසුරෙනි.
Comments